ආණ්ඩුව බදු කොල්ලයක. එ ජා ප යෙන් චෝදනා.

Tuesday, 12 March 2013 - 18:57

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A.+%E0%B6%91+%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B4+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

ආණ්ඩුව විසින් ජනතාවගෙන් සමාව ගතයුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ පනත් සම්මත කරගැනීමෙන් තොරව ආණ්ඩුව විසින් ජනතාවගෙන් බදු අයකරගන්නා බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් 21 න් 06 ක් මෙතෙක් සභාගත නොකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ඊට එක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ මේ මස අවසන්වීමට පෙර එම පනත් 06 ඇතුළු පනත් 21 සම්මත කර නොගතහොත් එමගින් අයකරගන්නා බදු මුදල් නීතිවිරෝධී වනු ඇති බවයි.  මෙම තත්ත්වය යටතේ ආණ්ඩුව හදිසියේම මෙම පනත් සම්මත කරගැනීමට උත්සාහ දරණ බවටද මන්ත්‍රීවරයා චෝදනා කළා.

[MP3]s55066_1[/MP3]                               

මේ අතර අද පැවති මාධ්‍ය හමුවේදී රජය විසින් සම්මත කරගැනීමට නියමිත පනත් 21 සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s55066_2[/MP3]                                

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන්ද විමසීමක් කළා.
 
[MP3]s55066_3[/MP3]