හලාල්, ලාංඡනය පමණක් නොව ක්‍රියාවලියම අහෝසි කරන්න. බොදුබල හා හෙළ උරුමය එක මතයක.

Tuesday, 12 March 2013 - 19:08

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%A1%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%84%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A.

හලාල් ලාංඡනය ඉවත් කිරීම පමණක් නොව හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළා.

[MP3]s55068_1[/MP3]                                                                  

හලාල් සහතිකය මින් ඉදිරියට මෙරට තුළ භාවිත නොකරන බව ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය කොළඹ ඊයේ (11)කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා. ඊට සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයින් සහ භික්ෂූණ් වහන්සේලාද එක්ව සිටියා.

කෙසේ වෙතත්, කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද ප්‍රකාශ කළේ හලාල් ලාංඡනය පමණක් ඉවත් කිරීම ඵල රහිත බවයි.

[MP3]s55068_2[/MP3]                              

ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් සඳහන් කළේ හලාල් ගැටළුව විසඳීම රට ලබාගත් ජයග්‍රහණයක් බවයි.

[MP3]s55068_3[/MP3]                                    

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී භික්ෂූණ් වහන්සේලා පළ කළ අදහස් සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s55068_4[/MP3]                                    

ශ්‍රී ලංකා වණිජ මණ්ඩලය කොළඹ දී ඊයේ කැඳවු මාධ්‍ය හමුවට එක්වු කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් බොදු බල සේනා සංවිධානය පිළිබඳව පළ කළේ මෙවැනි අදහසක්.
 
[MP3]s55068_5[/MP3]