හොරෙන් ඕස්ට්‍රේලියා යෑමට සිටි තවත් 45ක් මාරවිල දී අල්ලයි.

Wednesday, 13 March 2013 - 7:51

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+45%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

නීතිවිරෝධීව  ඕස්ට්‍රේලියාව බලා යාමට සිටි තවත් පුද්ගලයන් 45 දෙනෙකු අද (13) අලූයම මාරවිල - කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් බස් රථයකින් සහ වෑන් රථයකින් මාරවිල - කුඩාමඩුවැල්ල වෙරළ තීරය වෙත ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි මාරවිල පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 34 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු සහ කුඩා ළමයින් 6 දෙනෙකු වනවා. මොවුන් කයිට්ස්, යාපනය,වව්නියාව හා අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

[JPG]s55085[/JPG]