මරණය හෝ නිදහස ඉල්ලා වැලිකඩ උපවාසය තවදුරටත්.

Wednesday, 13 March 2013 - 7:55

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් තිදෙනෙකු විසින් ආරම්භ කර ඇති උපවාසය තවමත් ක්‍රියාත්මකයි. ඉකුත් ඉරිදා දිනයේදී මරණ දණ්ඩනය නියමවූ එක් සිරකරුවෙකු තමන්ට නිදහස හෝ මරණ දඩුවම ලබාදෙන ලෙස ඉල්ලා බන්ධනාගාරයේ වහලය මත නැගී උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. අනතුරුව සඳුදා දිනයේදී තවත් මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් දෙදෙනෙකු ඊට සහය වීම සඳහා උපවාසයට එක්වුණු බවයි වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඊයේ (12) දිනයේදී ඉන් එක් සිරකරුවෙකු බිමට බැස ඇති බවයි වාර්තාවන්නේ. මීට පෙරද මරණ දණ්ඩනය නියමවූ සිරකරුවන් කිහිපදෙනෙකු බෝගම්බර බන්ධනාගාරයේ වහලය මත නැගී උපවාසයක් ආරම්භ කළා. ඔවුන්ගේ ඉල්ලීම වූයේද තමන්ට මරණය හෝ නිදහස ලබාදෙන ලෙසයි.

මේ අතර ඊයේ (12) දිනයේදී වවුනියාව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව විවෘත කෙරුණා. ඒ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සේවයේ බරපතලම රාජකාරියක් බන්ධනාගාර නිලධාරීන් සිදුකරන බවයි.
 
[MP3]s55086[/MP3]