සිස්ටීන් දෙව් මැදුරේ චිමිනියෙන් කළු දුමාරයක්.

Wednesday, 13 March 2013 - 8:39

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද දෙවැනි දිනටත් සිදුකිරීමට නියමිතයි. ඊයේ (12) දිනයේ දී ඊට අදාළ ඡන්ද විමසීම පැවැති අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමට හැකියාව ලැබී නැහැ. වතිකානුවේ සිස්ටීන් දෙව් මැදුරේ ඉහළ චිමිනියෙන් කළු දුමාරයක් පිටවීම මගින් ඒ බව තහවුරු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේදී පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගත හොත් එම චිමිනියෙන් සුදු පැහැති දුමාරයක් ගුවනට මුසු වන අතර එසේ නොවන අවස්ථාවක සිදුවන්නේ කළු පැහැති දුමාරයක් පිටවීමයි. මේ වන විට කාදිනල්වරුන් 115 දෙනෙකු නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා වතිකානුවේ සිස්ටීන් දෙව් මැදුරට පැමිණ තිබෙනවා. ඔවුන් අවම වශයෙන් අද (13) දිනයේ දී තවත් සිව් වතාවක් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කාදිනල්වරුන්ගෙන් තුනෙන් දෙකක් එනම්, ඡන්ද 77ක් හිමි කර ගන්නා කාදිනල්වරයා නව පාප් වහන්සේ ලෙස තේරී පත්වනවා. එලෙස පත් කර ගැනෙන්නේ 266 වන පාප් වහන්සේයි.

16 වන අති උතුම් බෙනඩික් පාප් වහන්සේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා මෙලෙස ඡන්ද විමසීම ආරම්භ කර ඇත්තේ.