පෑලියගොඩ නගර සභාවේ සභාපති ඞී. නිහාල් ආනන්ද සහ උප සභාපති අමිල නිශාන්ත අතර අද ගැටුමක් ඇතිවුනා. පෑලියගොඩ - නුගේතැන්න ප්රදේශයේ පිහිටි කසල බැහැර කිරීමේ ස්ථානය අසලදී මෙම ගැටුම හටගෙන ඇති බවයි පෑලියගොඩ පොලීසිය ප්රකාශ කළේ. සිද්ධියේදී තුවාල ලැබූ නගර සභාවේ සභාපති ඞී නිහාල් ආනන්ද සහ උප සභාපති අමිල නිශාන්ත මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා වෙන වෙනම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි පොලීසිය කියා සිටියේ. තමන්ට උප සභාපතිවරයා පහරදුන් බව හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී නගර සභාවේ සභාපති ඞී. නිහාල් ආනන්ද සඳහන් කළා.
[MP3]s55124_1[/MP3]
මේ පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය පෑලියගොඩ නගර සභාවේ උප සභාපති අමිල නිශාන්තගෙන් විමසීමක් කළා. උප සභාපතිවරයා කියා සිටියේ සභාපතිවරයා තමාට මුලින්ම පහරදුන් බවයි.
[MP3]s55124_2[/MP3]