පාසල්වල ගාස්තු ගෙවීමට අනිවාර්ය කිරීම් හෝ බලකිරීම් බැහැ.

Wednesday, 13 March 2013 - 19:00

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.



පාසල්වල විවිධ අවස්ථාවන්හිදී මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් වන නව චක්‍ර ලේඛය මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියළුම විදුහල්පතිවරුන් වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව පාසල්වල දෙමාපිය පන්ති කව, දෙමව්පිය සංගම් සහ ආදි ශිෂ්‍ය සංගම් මගින් විවිධ ව්‍යාපෘති සඳහා නීතිවිරෝධීව මුදල් එකතු කිරීම සපුරා තහනම්. එසේම පහසුකම් සහ සේවා ගාස්තු, පාසල් නගා සිටුවීමේ වැඩසටහන්, උසස් පෙළ පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම, පළමු ශ්‍රේනියට ලමයින් ඇතුළත් කිරීම ආදී අවස්ථාවල චක්‍රලේඛ ගත නීත්‍යානුකූල ගාස්තු සම්බන්ධයෙන්ද අලූතින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ විශේෂ කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම නීත්‍යානුකූල ගාස්තු ගෙවීමට වුවද දෙමව්පියන්ට සහ සිසුන්ට අනිවාර්ය කිරීමක් හෝ බල කිරීමක් සිදු නොකළ යුතුයි. නීත්‍යානුකූල ගාස්තු ගෙවීමට අපහසු සිසුන් ග්‍රාම නිලධාරී සහතිකය මගින් ඒ බව තහවුරු කළ විට සියලූ ගෙවීම්වලින් එම ශිෂ්‍යා නිදහස් කළ යුතු අතර ඒ බව විදුහල්පතිවරුන් විසින් දෙමව්පියන් වෙත ලිඛිතව දන්වා යැවිය යුතු වනවා. ගාස්තු නොගෙවන සිසුන් කිසියම් ආකාරයක කායික හෝ මානසික පීඩාවන්ට ලක් නොකළ යුතු බවද නව චක්‍ර ලේඛයේ සඳහන්. එසේම ඍජුව හෝ වක්‍රව අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ උල්ලංඝනය කර මුදල් එකතු කිරීමේ කටයුතු සිදුනොකළ යුතු අතර අදාල උපදෙස් නොසලකා කටයුතු කරන පාසල් කාර්ය මණ්ඩලවලට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මෙවැනි චක්‍රලේඛයක් පිළිබඳව අවධානය යොමු වුණේ පාසලේ ගාස්තු ගෙවීමට පොල් ගෙඩි 8 ක් සොරකම් කළේ යැයි හොරණ ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියගේ සිද්ධියත් සමගයි. පෙබරවාරි 7 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද ඒ පිළිබඳව කරුණු සාකච්ඡා වුණා. අනතුරුවයි අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛය නිකුත් කළේ. එය කඩිනමින් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළා.

 

[MP3]s55126[/MP3]