ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට.

Thursday, 14 March 2013 - 8:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් මසුන් මැරීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම - ඌරුමලේ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 9ක් පමණ දුරින් වයඹ දිසාවේ මුහුදු තීරයේ සිටියදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඊට අමතරව ධීවර කටයුතු සදහා යොදා ගත් ටෝලර් යාත්‍රා 4ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්. අදාළ ධීවරයින් පිරිස ඊයේ පස්වරුවේ තලෙයිමන්නාරම පොලීසියට භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස අද (14) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

 
මේ අතර පසුගිය 3 වැනි දාත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 16දෙනෙකු යාත්‍රා 3 ක් සමග  නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. ඒ කල්පිටිය මුහුදු තීරයේදියි.