පිට රටින් ගෙන්වූ ස්ප්‍රීතු කන්ටේනර් 2ක් අල්ලයි.

Thursday, 14 March 2013 - 8:15

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් වර්ගයේ ස්ප්‍රිතු බැරල් 310 ක් සහිත කන්ටේනර් 2 ක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ගහණ ඒකකය ඊයේ (13) රාත්‍රියේ දී අත්අංගුවට ගත්තා. එහි වටිනාකම රුපියල් කෝටි 4කට ආසන්න බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම සිදුකළ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. වරායෙන් පිටතට පැමිණෙමින් තිබූ මෙම කන්ටේනර් දෙක තොටළඟ - ඉඟුරුකඬේ හන්දිය ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම ස්ප්‍රීතු බැරල් සහිත කන්ටේනර් රථ දෙක හමුවූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතෙක් හමුවූ විශාලතම එතනෝල් වර්ගයේ ස්ප්‍රීතු ප්‍රමාණය මෙය වන බව ද වැටලීම සිදුකළ සුරාබදු දෙපාර්තමේන්තුවේ එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.