ජනපති, ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමය හමුවෙයි.

Thursday, 14 March 2013 - 12:54

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


ජපානයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) උදෑසන ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයන් හමුවුණා. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා ජපානය ලබා දෙන දායකත්වය බෙහෙවින් අගය කරන බව ජනාධිපතිතුමා, මෙම පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයන් හමුවේ සඳහන් කළ බවයි ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක කාර්යාලය සඳහන් කළේ. මෙහිදී ජපාන පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උප සභාපති මසහිකෝ කොමුරා විසින් ශ්‍රී ලංකාව පශ්චාත් යුධ සමය තුළ අත්කරගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. මීට අමතරව, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේදී උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.