ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත් ධිවරයන් ගැන ඉන්දියාව විමසයි.

Friday, 15 March 2013 - 7:42

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92.


ඉන්දීය ධීවරයන් 53 දෙනෙකු ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීම පිළිබඳව විමසීම සඳහා ඉන්දීය රජය ඊයේ (14) ලංකාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා කැඳවා තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බවයි. ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් මානුෂීය අන්දමින් කටයුතු කරන ලෙසත් ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් ඉන්දීය රජය මෙහිදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඩෙල්ෆ්ට් දුපත ආසන්නයේදී ඊයේ උදෑසන ඉන්දීය ධීවරයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගැණුනේ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරතවීම නිසයි. තවත්, ධීවරයන් 19 දෙනෙකු ඊට පෙර දින මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගැණුනා.

මේ අතර, ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාවේදී පීඩාවන්ට ලක්වන බව පවසමින් තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ඊයේ නැවතත් ඉන්දීය රජයට දෝෂාරෝපණය කළා. මෙම සිද්ධීන්වලදී ඉන්දියාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටයි ඇය චෝදනා කළේ. එය ඉන්දීය රජයේ දුර්වලතාවක් ලෙසත් ඇය හැඳින්වූවා.