ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගයයි.

Friday, 15 March 2013 - 7:48

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ - ටෝකියෝ නුවරදී ඊයේ (14) ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ හමුවුණා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සංවර්ධනය හා ස්වභාවික උවදුරු වැළැක්වීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ආධාර සැපයෙන ගිවිසුමකට ද එහිදී අත්සන් තැබුණා. එහිදී ශ්‍රී ලංකා රජයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ජපාන රජය ඇගයීමක් කර තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත්.

[MP3]s55223[/MP3]                                                          

ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම උපයෝගී කරගනිමින් දෙරට අතර සමුද්‍රීය සහයෝගීතාව පුළුල් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය එකඟත්වය පළ කළා. ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපාන අගමැති ෂින් සෝ අබේ අතර පැවති සාකච්ඡා වෙන් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයෙහි මේ බව සඳහන්.

තිරසාර ආර්ථික සහයෝගීතාවය සඳහා ජපානය සමග වන කථිකාව ශක්තිමත් කරගැනීම ශ්‍රී ලංකාවේ අධිෂ්ඨානය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. ජපාන අග්‍රාමාතවරයාද සඳහන්ක කලේ සාගර සහ ආර්ථික අංශවල ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම ජපාන අභිලාෂය බවයි. සෙසු කලාපීය සහ අන්තර්ජාතික සමාජ ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී එක්ව ක්‍රියාකිරීමටද රාජ්‍ය නායකයන් මෙහිදී එකඟත්වය පළකළා.