දැඩි උණුසුමෙන් හිසරදය හා හෘදයට බලපෑම්.

Friday, 15 March 2013 - 12:57

%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් අතර විජලනය ඇතිවීම නිසා, විවිධ රෝග තත්ත්වයන් වාර්තා වෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළා. පවතින දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ශරීරය සීඝ්‍රයෙන් වියළෙන අතර ඊට සාපේක්ෂව ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළහොත් විජලනය වැඩිවී හෘදයට පවා බලපෑම් එල්ල විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා තවදුරටත් පැවසුවේ.

 [MP3]s55253_1[/MP3]

මේ අතර, පවතින උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.  

 
[MP3]s55253_2[/MP3]