ධීවරයන් නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් බලපෑම්.

Friday, 15 March 2013 - 13:02

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයින් 34 දෙනෙකු අද කයිට්ස් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඩෙල්ෆ්ට් දුපතට සැතපුම් 3 ක් පමණ වූ මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රා 5 ක් සමඟ මෙම ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ අලූයම් කාලයේදීයි. ඩෙල්ෆ්ට් නාවික හමුදා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මොවුන් පිරිස පසුව නීතිමය පියවර ගැනීම සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාර දුන්නා. ඊට පෙර දින මන්නාරම් මුහුදු තීරයේදී ද ඉන්දීය ධීවරයන් 19 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයන් මෙරටදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධීන් තමිල්නාඩුවේ දේශපාලඥයන්ට ප්‍රබල මාතෘකාවක්. ඉන්දීය පාර්ලිමේන්තුව තුළ ඔවුන් ඊයේ විරෝධතා දැක්වූයේ ඉන්දීය ධීවරයන් 53 දෙනෙකු පැය 24 ක් තුළ මෙරට මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීම නිසයි. අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙන බවට ඉන්දීය විදේශ කටයුතු ඇමති සල්මාන් කුර්ෂිඞ්, ඉන්දීය ලෝක් සභාවට සහ රාජ්‍ය සභාවට ඊයේ ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා. ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කැඳවා ඉන්දීය ධීවරයන් කඩිනමින් නිදහස් කරන ලෙස තමා ඉල්ලා සිටියේ යැයි ද විදේශ කටයුතු ඇමති කුර්ෂිඞ් කියා සිටියා.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත කොල්ලකන බව ඉන්දීය දේශපාලඥයන් ද පිළිගන්නා කරුණක්. ඉන්දීය ධීවරයන්ට මුහුදු තීරයේ සීමාවන් තැකිය නොහැකි බවයි තමිල්නාඩු දේශපාලඥයන් පවසන්නේ. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම පිළිබඳව අප විමසා සිටියේ ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන්.

 [MP3]s55255[/MP3]