ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවට රටවල් 4 කින් සංශෝධන.

Friday, 15 March 2013 - 13:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1.



ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වනවා. රුසියාව, චීනය, පාකිස්ථානය සහ කියුබාව මෙම සංශෝධන සිදුකළ යුතු බව යෝජනාව ඉදිරිපත් කරන ඇමෙරිකාවට සහ එහි අනුග්‍රාහකයන් වෙත ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂිත විවාදයක් මානව හිමිකම් මණ්ඩලයේ ඉදිරි සැසිවාරයකදී පැවැත්වීම පිළිබඳ වගන්තිය ඉවත් කරන ලෙසයි එම රටවල් ඉල්ලා ඇත්තේ. සංහිඳියා ක්‍රියාමාර්ගවලදී ලක් රජය අසමත්වී ඇති බව වැනි වගන්ති මෙන්ම, ලක් රජයට බල කර සිටින බව දැක්වෙන වදන් ද මෙලෙස සංශෝධනය කර තිබෙනවා. කෙසේ නමුත්, ඇමෙරිකාව සිය අනුග්‍රහකයන් සමඟ අද ඉදිරිපත් කරන අවසන් යෝජනා කෙටුම්පතේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂිත විවාදයක් මානව හිමිකම් මණ්ඩලයේ 25 වන සැසිවාරයේදී පැවැත්විය යුතු බව සඳහන්.

 

රුසියාව, චීනය. පාකිස්ථානය සහ කියුබාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සංශෝධනය කළ යුතු බව ප්‍රකාශ කළ ද යුරෝපා සංගමයේ රටවල් සහ කැනඩාව එය දැඩි ස්වරයකින් ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කර තිබෙනවා. ඊයේ පැවති නිල නොවන මට්ටමේ සාකච්ඡාවලට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙකු සහභාගි නොවූ අතර එහිදී සාකච්ඡා වූ කරුණු සටහන් කර ගැනීමට පමණක් නිලධාරියෙකු යොදවා තිබෙනවා. ඉන්දියාව මෙම සාකච්ඡා වාරය අතරතුරම නිහ`ඩව සිටීම ද විශේෂත්වයක්.

 

ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට අද නිල වශයෙන් ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී අමාත්‍ය මහින්ද සමරසිංහ ඊට රජයේ නිල ප්‍රතිචාරය ද අද ඉදිරිපත් කිරීමට නියමිතයි.