සීගිරි සිංහපාදයේ අකුරු ලියූ සිසුන් 3 දෙනෙකු පොලිස් භාරයට.

Saturday, 16 March 2013 - 7:53

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

සීගිරිය සිංහපාදයේ අකුරු ලියූ පාසල් සිසුන් තුන්දෙනෙකු සීගිරිය පොලීසිය විසින් ඊයේ (15) පස්වරුවේ සිය භාරයට ගෙන තිබෙනවා. මෙම සිසුන් මස්කෙළිය ප්‍රදේශයේ පාසලක සිසුන් බවයි පොලීසිය සඳහන් කළේ. පොලිස් භාරයට ගත් සිසුන් තුන්දෙනාට දැඩි අවවාද කිරීමෙන් පසු මුදා හැරි බවයි සීගිරිය පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මොවුන් අධ්‍යාපන  චාරිකාවක් සඳහා බස් රථ දෙකකින් සිය ගුරුවරුන් සමගයි සීගිරිය නැරඹීමට පැමිණ ඇත්තේ. අප වාර්තාකරු සඳහන් කළේ ගුරුවරුන් බලාසිටියදීම එම සිසුන් සිංහපාදයේ අකුරු ලියා ඇති බවයි. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ සිංහපාදය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් පිරිසක් පිටත්ව ගිය බවයි. මේ අතර එම සිසුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.  

 
[MP3]s55299[/MP3]