අසත්‍ය වාර්තා පක්ෂග්‍රාහීයි - ජනපති.

Saturday, 16 March 2013 - 19:18

%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%93%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජගත් මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති වාර්තාව පක්ෂපාතී බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රටේ සාමය තහවුරු වී ඇති මොහොතක සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව, මෙවැනි වාර්තා ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ සිය ජපාන සංචාරය අතරතුර එරට ජාතික රූපවාහිනි නාලිකාව වන එන්.එච්.කේ රූපවාහිනිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

[MP3]s55358[/MP3]             

සිව් දින ජපාන නිල සංචාරය නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණියේ අද (16) අලූයමයි. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන එකඟතා රැසකට ජපානය සහ ශ්‍රී ලංකාව පැමිණිම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවට ජපන් යෙන් බිලියන 43 යි දශම 8 ක ආධාර මුදලක් ලබාදීමට ජපානය එකඟත්වය පළ කළා. දෙරට අතර සමුද්‍රීය සහයෝගිතාවය පුළුල් කර ගැනීමට මෙන්ම, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වන එකඟතාවයකට එළඹීම ද විශේෂත්වයක්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජපාන සංචාරයේදී එරට අකිහිතෝ අධිරාජ්‍යයා මෙන්ම අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ද මුණ ගැසුණා. ඒ, ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාෂි, ජපාන උප අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ සහ විදේශ අමාත්‍ය ෆුමියෝ කිෂිඩා හමුවී සාකච්ජා කිරීමෙන් අනතුරුවයි.

ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව ටෝකියෝවේ ටාමා සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙදෙනෙකු ප්‍රදානය කිරීමද සිදුවුණා.