ශ්‍රී ලංකාව ගැන ඉන්දීය ස්ථාවරය හෙට.

Sunday, 17 March 2013 - 7:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.

ජීනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳව ඇමරිකාව ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය හෙට හෙළි කරන බව එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් ප්‍රකාශ කළා. ඔහු ඊයේ මෙම අදහස් පළ කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඇතුළු කොංග්‍රස් නායකයන් සමග පැවැත් වූ විශේෂ සාකච්ජාවකින් අනතුරුවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන එන යෝජනාවලට සහය දැක්වීම පිළිබඳ පවතින ගැටළු ගැන සාකච්ජා කිරීමට අදාළ සාකච්ජාව කැඳවා තිබුණා. ඊට කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, මුදල් අමාත්‍ය පී.චිදම්බරන්, ආරක්ෂක අමාත්‍ය ඒ.කේ.ඇන්තනී සහ විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව ගන්නා ස්ථාවරය පිළිබඳව විවිධ මත පළ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ජීනිවා නුවර සිටින ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානී අමාත්‍ය මහින්ද සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව මෙතෙක් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

[MP3]s55370[/MP3]