කොරෝනා වෛරසය ගැන ප්‍රවේශමෙන්.

Sunday, 17 March 2013 - 13:00

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

මැදපෙරදිග ඇතුළු බටහිර ආසියාතික රටවල මේ දිනවල පැතිර යන නව වෛරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පබා පලිහවඩන කියා සිටියේ මෙම නව වෛරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්ස, උණ සහ ශ්වසන අපහසුතා දැකිය හැකි බවයි. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් බටහිර ආසියාතික රටවල සේවයේ නිරතව සිටින නිසා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවයි ඇය ප්‍රකාශ කළේ. එවැනි රටක සිට මෙරටට පැමිණි අයෙකුට  උග්‍ර ශ්වසන අපහසුතා පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පබා පලිහවඩන උපදෙස් දෙනවා.

[MP3]s55390[/MP3]