ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් මුරුසි දිවයිනේ.

Sunday, 17 March 2013 - 19:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A.

මුරුසි දිවයිනේ අත්අඩංගුවට පත්ව සිටින ධීවරයින් 4 දෙනෙකු නිදහස් කර දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් අද (17) වැලිගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් 19 වන දා බේරුවල ප්‍රදේශයේ ධීවරයින් 4 දෙනෙකු සමග මොවුන් මුහුදු ගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයෙන්. කෙසේ වෙතත්, මොවුන් මුහුදේ ඇති වූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් මුහුදේ අතරමංව සිටියදී මුරුසි දිවයිනේ ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්ව සිටින වැලිගම ප්‍රදේශයේ පදිංචි ධීවරයින් 4 දෙනාගේ ඥාතීන් ප්‍රකාශ කළේ මොවුන් සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් මේ දක්වා වාර්තා වී නොමැති බවයි.

[MP3]s55417[/MP3]

අප මේ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ ලාල් සිල්වා පැවසුවේ මෙම ධීවරයින් පිරිස පිළිබද කරුණු සොයා බලා කඩිනමින් ඔවුන් මඳවා ගැනීමට කටයුතු කරන බවයි.