ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කරන්න. ශ්‍රී ලංකාව, ඉන්දියාවට කියයි.

Monday, 18 March 2013 - 7:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කර සිටියේ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව දැනුවත් කර ඇති බවයි. දිල්ලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් තමිල්නාඩුවේ - තන්ජාවුර් හි බ්‍රහදීස්වරම් නොහොත් මහ කෝවිලේ අධ්‍යයන සංචාරයක නිරතව සිටියදී කොටි හිතවාදීන් අතින් පසුගිය සෙනසුරාදා ප්‍රහාරයකට ලක්වුණා. මෙම ස්වාමින් වහන්සේ ඇතුළු අධ්‍යයන කණ්ඩායම චෙන්නායි වෙත ගමන් කළ වෑන් රථයටද තිරුචිරා පල්ලි ප්‍රදේශයේදී ගල්මුල් ප්‍රහාරයක් ද එල්ලවුණා. ප්‍රහාරයට ලක්වූ ස්වාමීන් වහන්සේ තමිල්නාඩු පොලීසිය මගින් නිරුපද්‍රිතව චෙන්නායි මහ කොමසාරිස් කාර්යාලය වෙත භාරදී ඇති අතර උන්වහන්සේ ඉන් අනතුරුව නවදිල්ලි නුවර වෙත පිටත් කර හැර තිබුනා.

මේ පිළිබඳව අවධාරණය කරමිනුයි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇත්තේ.