එජාපයෙන් සර්ව පාක්ෂික සමුළුවක්.

Monday, 18 March 2013 - 7:38

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ජිනිවා මානව හිමිකම් සමුළුවේදී රටට විරුද්ධව එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. කුරුණෑගලදී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (17) මේ බව කියා සිටියා. මෙහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රජයට ආරාධනා කළ ද ඊට නිසි ප්‍රතිචාරයක් මෙතෙක් නොලැබුණු බවයි.

[MP3]s55435_1[/MP3]

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද සවස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කෙරෙන බවයි පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. පක්ෂ නායකවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ද අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගිවීමට නියමිත බවද ඔහු කියා සිටියා.

[MP3]s55435_2[/MP3]