මත්තලට පළමු ගුවන් යානය ළඟාවෙයි.

Monday, 18 March 2013 - 11:00

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී වූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවූ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් විවෘත කෙරුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මත්තල ඉදිවූ රාජපක්ෂ ගුවන් තොටුපල ධාවන පථයට ජනාධිපතිවරයා ප්‍රමුඛ ප්‍රභූන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය පෙරවරු 10.54 ට ගොඩබස්වනු ලැබුවා. ඒ සෙත් පිරිත් සඤ්ඤායනා මධ්‍යයේයි.