හිටපු අගවිනිසුරුවරිය අල්ලස් කොමිසම හමුවට.

Monday, 18 March 2013 - 12:45

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අද (18) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ අයථා ලෙස වත්කම් උපයන බවට ඇයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අගවිනිසුරුවරියට පසුගියදා නොතීසි නිකුත් කළා. ඒ, අයථා ලෙස වත්කම් උපයන ලද බවට හිටපු අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට එරෙහිව මාස කිහිපයක් තිස්සේ කොමිසම් සභාව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් ඇයට කරුණු දැක්වීම සඳහායි. විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු දෙපාර්ශවයට සවන් දීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කළ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව ප්‍රකාශ කළේ.