මාරාන්තික සුදු ගෝනුස්සා පැතිරීමේ අවදානමක්.

Monday, 18 March 2013 - 18:58

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

යාපනය අර්ධද්වීපයේ පමණක් දක්නට ලැබෙන මාරාන්තික විෂ සහිත සුදු ගෝනුස්සා දිවයිනේ අනෙකුත් පළාත්වලට ද පැතිර යාමේ අවදානමක් ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පේරාදෙණිය සරසවියේ පර්යේෂණ කණ්ඩායම පවසනවා. කරෙයිනගර්, අච්චුවේලි, පලාලි යන ප්‍රදේශවලින් දැනට හමුවී ඇති මෙම ගෝනුස්සා ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බවටයි සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. මෙම ගෝනුස්සා දෂ්ට කිරීමෙන් වසර 2009 ට පෙර පුද්ගල මරණ වාර්තා වී ඇතත්, ඉන් පසුව මරණ වාර්තා වී නොමැති බව යාපනය රෝහලේ වෛද්‍ය එන්.පී. දිනමිත්‍ර ප්‍රකාශ කළා. ඔහු සමග එම රෝහලේම සේවය කරන තවත් වෛද්‍යවරයෙකු වන සිවපාලම් ෂිවන්සුදන්, මේ පිළිබදව  වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා සුදු ගෝනුස්සාගේ ජීවි නිදර්ශක පේරාදෙණිය සරසවියේ සත්ත්ව විද්‍යා අංශය වෙත භාර දී තිබුණේ 2012 වසරේදියි. ඒ අනුව එහි මහාචාර්ය කිත්සිරි බී. රණවකගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් මෙම ගෝනුස්සා සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය කළා. එහිදී හෙළි වූ කරුණු පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ එම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකා ඉරෝනි නාගසේන.

[MP3]s55482_1[/MP3] 

මෙම ගෝනුස්සා දිවයිනේ වෙනත් ප්‍රදේශවලට පැතිර යාමට ඇති හැකියාව පිළිබද ඇය තවදුරටත් පැහැදිලි කළේ මෙලෙසින්.

[MP3]s55482_2[/MP3]                                                                                         

මාරාන්තික විෂ සහිත මෙම සුදු ගෝනුස්සා යාපනය අර්ධද්වීපයේ පමණක් ව්‍යාප්ත වීමට හේතුව නිශ්චිතව ප්‍රකාශ වී නැහැ. ඒ පිළිබදව පර්යේෂණ සිදුකළ කණ්ඩායමේ සාමාජිකයන් අතර ද ඒ පිළිබදව විවිධ මත පවතිනවා. ඇතැමුන් පවසන්නේ පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ජීව විද්‍යාත්මක අවියක් ලෙස භාවිතා කිරීම සඳහා මෙම ගෝනුස්සා රැගෙන එන්නට ඇති බවයි. කෙසේ වෙතත්, යාපනය රෝහලේ වෛද්‍ය එන්.පී. දිනමිත්‍ර එම මතය බැහැර කරනවා.
 
[MP3]s55482_3[/MP3]