තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායි හිදී ප්‍රහාරයක්.

Monday, 18 March 2013 - 19:07

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දියාවේ - චෙන්නායි නුවරදී අදත් ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකට පහරදීමක් සිදුවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. දිල්ලි නුවර සිට චෙන්නායි එක්ස්ප්‍රස් දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවට මෙම පහරදීම සිදුව තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි හිමිනම තවත් පුද්ගලයින් 20 දෙනෙකු සමඟ දඹදිව වන්දනා චාරිකාවකට පැමිණි අතරතුරයි මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ. පහරකෑමට ලක්වූ භික්ෂුන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තමිල්නාඩුවේ - තාන්ජාවූර්හි බ්‍රහදීස්වරම් කෝවිලේ අධ්‍යයන චාරිකාවක නිරත වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකට ද පසුගිය සෙනසුරාදා මෙවැනිම ප්‍රහාරයක් එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ප්‍රවෘත්ති සහ සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් රොඩ්නි පෙරේරා සඳහන් කළේ දිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා එරට ඉහළම බලධාරීන් සමග මේ පිළිබදව සාකච්ඡා කරන බවයි.

[MP3]s55484_1[/MP3]                                                          

මේ අතර, ජාතික හෙල උරුමය කොළඹ දී අද (18) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහි ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ තමිල්නාඩුවේ සිදුවන මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කඩිනම් පියවර ගත යුතු බවයි.

[MP3]s55484_2[/MP3]                                            

ඉන්දියාවේ චෙන්නායි නුවර මහබෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ද ශ්‍රී ලාංකිකයන්ට තමිල්නාඩුවේ දී එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් පළ කළා.
 
[MP3]s55484_3[/MP3]