අද පාර්ලිමේන්තුව වැඩියෙන් රැස්වෙයි.

Tuesday, 19 March 2013 - 7:43

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බදු සංශෝධන පනත් කෙටුම්පත් අද  (19) සිට පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතයි. ඒ සඳහා ඉදිරි දින තුන තුළ පාර්ලිමේන්තුව උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වෙනු ඇති. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

[MP3]s55497[/MP3]

මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බදු සංශෝධන පනත් කෙටුම්පත් 21න් 11ක ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 15ක් ගොනු කෙරුණා.  
 
මූල්‍ය කළමනාකරණ වගකීම් සංශෝධිත පනත, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත, අගය එකතු කිරීමේ බදු සහ දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පත, බදු අභියාචනා කමිෂන් සභා සංශෝධිත පනත් කෙටුම්පත, ඔට්ටු තැබීමේ සහ සූදු ව්‍යාපාරවල බදු සංශෝධිත පනත් කෙටුම්පත, ඇටෝනි සහ නොතාරිස් බලතල සංශෝධිත පනත් කෙටුම්පත ඇතුළු සංශෝධිත පනත් කෙටුම්පත් 11කුයි මෙලෙස අභියෝගයට ලක් කර ඇත්තේ.