එතනෝල් අද රස පරීක්ෂාවට.

Tuesday, 19 March 2013 - 13:26

%E0%B6%91%E0%B6%AD%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

කන්ටේනර් දෙකක තිබී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එතනෝල් තොගයේ සාම්පල් අද (19) දිනයේ දි රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය ඊයේ (18) කියා සිටියේ සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලූ සුරාබදු නිලධාරීන්ගේ සහ වරායේ සිටින රේගු නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂා කළ යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බව සදහන් කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s55530_1[/MP3]                                                                    

පසුගිය බදාදා දිනයේ රාත්‍රියේ තොටලග - ඉඟුරුකඬේ මංසන්ධිය ආසන්නයේදී ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගත්තා. අනතුරුව ඒවා මුද්‍රා තැබු අතර හිමිකරු නොමැතිවීම හේතුවෙන් විවෘත කිරීමට හැකිවූයේ නැහැ. ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ රේගුව අතර යම් මතභේදකාරි තත්ත්වයක් ද ඇතිවුණා.

කෙසේ වෙතත් රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඉදිරිපිට පෙරේදා (17) මෙය විවෘත කෙරුණු අතර  එහිදී තහවුරු වුණේ මෙම කන්ටේනරයේ බැරල් 310 ක එතනෝල් ලීටර 62,000 ක් තිබූ බවයි.

මේ අතර, පෙරේදා දිනයේදී සමස්ථ ලංකා රේගු සේවා සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර සිටියේ මත්පැන් ස්ප්‍රීතු තොගය ගෙන්වීම පිටුපස දේශපාලන හස්තයක් පවතින බවයි. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එම සංගමයේ ලේකම් ජේ.ඒ.ගුණතිලක ජයකොඩි.

[MP3]s55530_2[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories