හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙළඳසැලකට බලහත්කාරයෙන් කඩා වැදී එහි හිමිකරුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත ඊයේ (19) මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ. බොරැල්ල - කිංසි පාරේ පිහිටි වෙළදසැලකට තවත් පිරිසක් සමග බලහත්කාරයෙන් කඩා වැදුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙලෙස වෙළදසැලේ හිමිකරුට මරණීය තර්ජන එල්ල කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙදසැලේ හිමිකරු බොරැල්ල පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගනු ලැබුවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වන දා අලූත්කඬේ අංක 2 දරණ අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.