සිරියාවේ රසායනික අවි ප්‍රහාරයක්.

Wednesday, 20 March 2013 - 13:07

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


සිරියාවේ ආණ්ඩු විරෝධී කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර ගැටුම්වලදී රසායනික අවි භාවිත කළ බවට චෝදනා එල්ල වනවා. රසායනික අවි භාවිත කළ බවට දෙපාර්ශවය එකිනෙකාට චෝදනා එල්ල කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇලප්පෝ නගරයේ මේ වනවිට දරුණු ගැටුම් පවතින අතර එහිදී පුද්ගලයන් 31 දෙනෙකු ඊයේ මියගියා. මෙම පුද්ගලයන් රසායනික අවි ප්‍රහාරයක් හේතුවෙන් මියගිය බවටයි වාර්තා වන්නේ. ඔවුන් මියගොස් ඇත්තේ ශ්වසන අපහසුතා හේතුවෙන්. මෙය බරපතල තත්ත්වයක් බව ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු අඟවනවා.