කොට්ටාව - පිලියන්දල මාර්ගයේ පිහිටි ධර්මපාල මහා විද්‍යාලයේ මතුව ඇති ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා පියෙකු අද (20) උදෑසන සිට කොට්ටාව නගර මධ්‍යයේ ඇති විශාල මාර ගසකට නැග විරෝධතාවයේ නිරතවනවා. පාසලේ ප්‍රාථමික අංශය වෙනත් පාසලක ස්ථාපිත කිරීමට විරෝධය පළ කරමිනුයි ඔහු මෙලෙස ගසට නැග ඇත්තේ. නිශ්චිත කාලයක් ඇතුළත තම ඉල්ලීම්වලට විසදුමක් නොලැබුණහොත් සිය දිවි හානි කර ගැනීමට වුවද තමන් සූදානම් බවයි පාසල සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු ඉන්ද්‍රිජිත් පෙරේරා ගස මත සිට හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
[MP3]s55590_1[/MP3]
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් විමසීමක් කළා. ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි ගැටලූවලට විසඳුම ගසක් උඩට නැගීම නොවන බවයි.
[MP3]s55590_2[/MP3]