කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ.

Wednesday, 20 March 2013 - 12:48

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.

පසුගිය දිනවල ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට ඉන්දියාවේදී, පහරදීමට විරෝධය පළ කරමින් රාවණා බලය සංවිධානය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (20) සංවිධාන කර තිබුණා. කොළඹ ගාලූමුවදොරපිටියේ සිට පා ගමනින් කොල්ලූපිටියේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ඉන්දියාවේ සංචාරය කරන භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව ලබාදෙන ලෙසයි. එහිදී අදහස් දැක්වූ රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්.

 
[MP3]s55592[/MP3]

 

මේ හේතුවෙන් ගාලූ පාරේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුව කොල්ලූපිටියේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටින් අවහිර වුණා.

 

මේ අතර, ඊයේ දිනයේ ද තමිල්නාඩුවේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිදුවන හිරිහැරවලට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොල්ලූපිටියේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මේ නිසා ඊයේ දිනයේ ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටින් ගාලූ පාර අවහිර වුණා.