ව්‍යාපාරිකයෙකුට පහරදුන් හිරුණිකා අත්අඩංගුවට.

Wednesday, 20 March 2013 - 19:17

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කෙරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරි බවයි.

බොරැල්ල - කිංසි පාරේ අංක 175 දරණ ස්ථානයේ පිහිටි අදාළ ව්‍යාපාරික ආයතනයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එහි හිමිකරුට මෙලෙස තර්ජනය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාර ආයතනයේ හිමිකරු වන ධම්මික සිරිවර්ධන අදහස් පළ කළේ මෙලෙසයි.

[MP3]s55615_1[/MP3]

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

[MP3]s55615_2[/MP3]

ඔහු තවදුරටත් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කළ බවයි.

ඒ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම තර්ජනය කර පහරදීමේ සිද්ධිය මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරුණු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අලූත්කඩේ අංක 2 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලූ පිරිසට දැනුම්දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ව්‍යාපාරිකයාට තර්ජනය කර පහරදීමට හිරුණිකා පැමිණි අයුරු CCTV කැමරාවේ සටහන් වූයේ මෙසේයි.

[JPG]s55615_1[/JPG]

[JPG]s55615_2[/JPG]

[JPG]s55615_3[/JPG]

[JPG]s55615_4[/JPG]