ඉන්දීය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව හෙළා දැකීම ප්‍රතික්ෂේප කරයි.

Thursday, 21 March 2013 - 7:34

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


මෙරට මානව හිමිකම් උල්ලංගණය කිරීම් සිදුවූ බව පවසමින් ශ්‍රී ලංකාව හෙළා දැකීමේ යෝජනාවක් සම්මත කරගැනීම ඉන්දීය පාර්ලිමේන්තුව ඊයේ ප්‍රතික්ෂේප කළා. මෙලෙස ශ්‍රී ලංකාව හෙළා දැකීමේ යෝජනාවක් සම්මත කළ යුතු බව ඉන්දීය පාර්ලිමේන්තුවට යෝජනා කළේ තමිල්නාඩු දේශපාලන පක්ෂ විසින්. කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂය සහ ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂය ඒ අතුරින් ප්‍රධානයි. මෙම තත්ත්වය මතයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං සර්වපාක්ෂික සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ කැඳවනු ලැබූයේ. එහිදී ඞී.එම්.කේ. සහ ඒ.අයි.ඒ. ඞී.එම්.කේ. පක්ෂ හැර අනෙකුත් සියලූම දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාව හෙලා දැකීමේ යෝජනාවක් ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට විරෝධය පළ කර තිබෙනවා. පෙරමුණ ගෙන ඇත්තේ ඉන්දීය සමාවාදී පක්ෂයයි. 1962 වසරේ චීනය විසින් ඉන්දියාව ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව ඉන්දියාවට සහය දැක්වූ ආකාරයද ඔහු එහිදී සිහිපත් කළා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජගත් සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත දිලිප් සිංහා ඊයේ මුණ ගැසුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බවයි. ඉන්දීය කොංග්‍රස් රජයෙන් ඊයේ ඉල්ලා අස්වූ කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ඞී.එම්.කේ. පක්ෂය කැබිනට් මණ්ඩලය තුළ තමන් දරණ අමාත්‍ය ධුරවලින් ද ඉල්ලා අස්වීමට ඊයේ තීරණය කළා. කෙසේ නමුත් කොංග්‍රස් රජය පවත්වාගෙන යෑම සඳහා වෙනත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂ කිහිපයක්ද ඉදිරිපත් වී සිටිනවා.

ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුෂිල් කුමාර් සින්දේ ප්‍රකාශ කළේ ඞී.එම්.කේ. පක්ෂය කොංග්‍රස් සන්ධාන රජයෙන් ඉවත්වුවද  රජය තවමත් සුරක්ෂිත බවයි. එහිදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ බහුජන සමාජවාදී පක්ෂය මත පමණක් යැපීම ගැටළු සහගත නැද්ද යන්නයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුෂිල් කුමර් සින්දේ.

[MP3]s55632[/MP3]
 
මේ අතර ඉන්දීය කොංග්‍රස් රජය බිඳ වැටීමේ අවදානමක් මතුවුවහොත් තමන් කොංග්‍රසයට පූර්ණ සහය ලබාදෙන බව ඉන්දීය ටි‍්‍රනාමූල් මධ්‍යම කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කළා. එහි නායක මාම්දා බනාජී සඳහන් කළේ ඒ වෙනුවෙන් තමන් අවධානයෙන් පසුවන බවයි. ප්‍රාන්ත කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු කිහිපයක් හේතුවෙන් ටි‍්‍රනාමුල් පක්ෂයද ඊයේ කොංග්‍රස් සන්ධානයෙන් ඉවත්වුනා.