දකුණු ඉන්දියාවේ යනවා නම් දැනුවත් කරන්න. ආරක්ෂක අමාත්‍යාංශය

Thursday, 21 March 2013 - 8:05

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA

දකුණු ඉන්දියාවේ සංචාරය කරන්නේ නම් නිරන්තරයෙන් දැනුවත් වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. හැකිතාක් චෙන්නායි ඇතුළු විවිධ සිද්ධීන් වාර්තාවුණු ප්‍රදේශ මගහැර ගමන් කරන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මේ පිළිබඳව දඹදිව වන්දනා චාරිකා සංවිධාන කරුවන්ද දැනුවත් විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කළා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රුවන් වනිගසූරිය.

[MP3]s55639_1[/MP3]

බොදුබල සේනා සංවිධානය, ජාතික හෙළ උරුමය සහ මහනුවර හින්දු සංගමය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් ඊයේ මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවයක් දැක්වූයේ තමිල්නාඩුවේදී ස්වාමීන් වහන්සේලාට සිදුවූ පහරදීම්වලට විරෝධය පළ කරමින්. ඉන් අනතුරුව ඔවුන් මහනුවර පිහිටි ඉන්දීය සහකාර කොමසාරිස් කාර්යාලය වෙත පා ගමනින් ගොස් සංදේශ භාරදෙනු ලැබුවා.

එම අවස්ථාවට ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ දුම්රියකදී පහරකෑමට ලක්ව ඊයේ දිවයිනට පැමිණි පූජ්‍ය වඩුපොල වංගීස හිමියන්ද එක්ව සිටියා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය වඩුපොල වංගීස හිමියන්.

[MP3]s55639_2[/MP3]

විරෝධතාවය සඳහා එක්වූ මහනුවර හින්දු සංගමයේ උප ලේකම් පී. රාජනාදන්ද එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

[MP3]s55639_3[/MP3]