ජාත්‍යන්තර ළමා අපයෝජකයන් මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසනවා. වෙනත් රටවල ළමා අපයෝජන ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් සංචාරකයන් ලෙස මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ජාතික ළමාරක්ෂණ අධිකාරිය යුනිසෙෆ් සංවිධානයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ එහි සභාපතිනි නීතීඥ අනෝමා දිසානායක.
[MP3]s55662_1[/MP3]
වැඩිදුරටත් ඇය සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදනවල අඩුවක් පවතී නම් ඒ සඳහා ද නව නීති සම්පාදනය කිරීම සඳහා ජාතික ළමාරක්ෂණ අධිකාරිය පියවර ගන්නා බවයි.
[MP3]s55662_2[/MP3]
Follow US







Most Viewed Stories