කොට්ටාවේ ගස උඩ විරෝධය අවසන්.

Thursday, 21 March 2013 - 18:39

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%83+%E0%B6%8B%E0%B6%A9+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

කොට්ටාව - පිලියන්දල මාර්ගයේ පිහිටි ධර්මපාල මහා විද්‍යාලයේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ගසට නැගුණු පාසල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඉන්ද්‍රජිත් පෙරේරා අද (21) පස්වරුවේ සිය විරෝධතාව අවසන් කළා. ඒ, එහි ප්‍රාථමික අංශය ඉවත් නොකරන බවට වන ජනාධිපතිවරයාගේ පණිවුඩයක් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ විසින් ගෙන ඒමත් සමඟයි. එම අවස්ථාවේදී පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s55683_1[/MP3]

 

මෙම පුද්ගලයා ඊයේ (20) උදෑසන සිට කොට්ටාව නගර මධ්‍යයේ ඇති විශාල මාර ගසකට නැග විරෝධතාවයේ නිරතවුණේ පාසලේ ප්‍රාථමික අංශය වෙනත් පාසලක ස්ථාපිත කිරීමට විරෝධය පළ කරමින්.

 

ගසට නැග විරෝධතාවයේ නිරත වුණු ධර්මපාල විද්‍යාලයේ පාසල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඉන්ද්‍රජිත් පෙරේරා සිය විරෝධතාවය අවසන් කිරීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවා.

 

[MP3]s55683_2[/MP3]