යෝජනාව වෙනම රාජ්‍යයක් සඳහා නොවේ. - ඇමෙරිකාව.

Friday, 22 March 2013 - 7:59

%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80.



ශ්‍රී ලංකා රජය සමග ඉදිරියටත් සබඳතා පවත්වාගෙන යාමට ඇමරිකාව නිරන්තරයෙන් සූදානම් බව එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ශ්‍රී ලංකාවට ඇමරිකාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාව මගින් පැහැදිලි පණිවුඩයක් ලබාදී ඇති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව අදාළ යෝජනාවෙන් යළි අවධාරණය කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා. ඇමෙරිකානු යෝජනාව සකස් කෙරුණේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය, නවනීදන්පිල්ලේ ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පදනම් කරගෙන බවයි ඔහු කියා සිටියේ. මේ අතර, ඇමෙරිකානු යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ දීප්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි මිචෙල් සිසොන් ප්‍රකාශ කළා. කෙසේ නමුත්, එමගින් වෙනම රාජ්‍ය සංකල්පය දිරිමත් නොකරන බවයි ඇය අවධාරණය කලේ. මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවෙන් පැහැදිලි වන බොහෝ කරුණු පවතින බවයි ජාත්‍යන්තර විශ්ලේෂක ආචාර්ය ටියුඩර් වීරසිංහ ප්‍රකාශ කළේ.

 
[MP3]s55701[/MP3]