බොරලැස්ගමුවේ කාන්තා ඝාතනයක්. - පුත්‍රයාත් රෝහලේ.

Friday, 22 March 2013 - 12:35

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.



බොරලැස්ගමුව - කටුවාවල - ගල්වල පාරේ පිහිටි නිවසක් තුළදී අද (22) අලූයම කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරක් මත එම නිවස පරීක්ෂා කළ පොලිසිය  එහි සිටි මෙම කාන්තාව සොයා ගත්තා. එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ කාන්තාව සිහිසුන්ව සිට ඇති අතර පසුව රෝහල් ගත කිරීමට උත්සාහ කිරීමේදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.  නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී කැපුම් තුවාල සහිතව වැටී සිටි 19 හැවිරිදි ඇගේ පුත්‍රයා ද සොයාගෙන ඇති අතර ඔහු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. 52 හැවිරිදි මියගිය කාන්තාව මහරගම පිළිකා රෝහලේ තාක්ෂණ නිලධාරිනියක ලෙස සේවය කර ඇති බව සඳහන්. මෙම කාන්තාව සහ ඇගේ පුත්‍රයා පමණක් එම නිවසේ රැඳී සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණය වී නැහැ.