වකුගඩු රෝගය ගැන සොයන්න අමාත්‍ය අනු කමිටුවක්.

Friday, 22 March 2013 - 18:47

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

උතුරුමැද පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන හඳුනා නොගත් වකුගඩු රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ අනුකමිටුවක් පත්කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති එම අනු කමිටුවට සෞඛ්‍ය, කෘෂිකර්ම, ජලසම්පාදන හා ජලාපවහන, පරිසර, පළාත් පාලන හා පළාත් සභා යන අමාත්‍යාංශවල නියෝජිතයින් ඇතුළත්. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයේ අවසන් වාර්තාවේ අඩංගු නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි. අනිද්දාට යෙදී තිබෙන ජාත්‍යන්තර ක්ෂය රෝගය වැළැක්වීමේ දිනය නිිමිත්තෙන් කෑගල්ලේ අද (22) පැවැති ජාතික උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

[MP3]s55752_1[/MP3]

 

රජරට පමණක් පැතිර තිබූ වකුගඩු රෝගය පිළිබඳව යළි සමාජයේ අවධානය යොමුවුණේ මාතලේ දිස්ත්‍රික්කයෙනුත්, වකුගඩු රෝගීන් 2500ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුනිල් කේ. අමරතුංග ප්‍රකාශ කිරීමත් සමඟයි. මේ අතර, රජරට වකුගඩු රෝගයට හේතු වන බවට පැවසුණු කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළා. අදාළ නිර්දේශවලට අනුව දැක්වුණේ ආනයනය කෙරෙන සියලූම පලිභෝධ නාශක සඳහා සියයට 10ක සෞඛ්‍ය ආරක්ෂණ සෙස් බද්දක් පනවන ලෙස නිර්දේශ කරන බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන ආචාර්ය ඞී.බී.ටී. විජේරත්නගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව සිය වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ සංඛ්‍යාව 15ක්.

 



කෙසේ වෙතත්, වකුගඩු රෝගය මෙසේ පැතිර යාමට ප්‍රධාන හේතුවක් වන්නේ ආසනික් නැමැති රසායනික ද්‍රව්‍ය බවට රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඇතුලූ පිරිසක් මීට පෙර අනාවරණ කළා. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ කමිටු නිර්දේශවල ආසනික් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැහැ. එහෙත් වෛද්‍ය චන්න ජයසුමන කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවෙන් ද ආසනික් පිළිබද තමන්ගේ මතය තහවුරු කර ඇති බවයි. පැතිර යන වකුගඩු රෝගය සම්බන්ධයෙන් තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන.

 
[MP3]s55752_2[/MP3]