ශ්‍රී ලංකාව නිසා ඉන්දීය පාර්ලිමේන්තුව අදත් උණුසුම්.

Friday, 22 March 2013 - 18:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ජිනිවා හිදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම බරපතල දේශපාලන වැරැද්දක් බව එරට හිටපු කීර්තිමත් තානාපති නිලධාරියෙකු වන එන්.කේ. භද්‍රකුමාර් පවසනවා. යෝජනාවට පක්ෂවීමට ඉන්දියාව ගත් තීරණය රාජතාන්ත්‍රික වශයෙන් අසාර්ථක එකක් බවයි ඔහු ප්‍රකාශ කළේ. 80 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ ද සේවය කර ඇති එන්.කේ. භද්‍රකුමාර් මේ බව ප්‍රකාශ කළේ එන්.ඞී.ටීවී නාලිකාව සමග සාකච්ඡාවකට අද (22) එක්වෙමින්.

 

[MP3]s55753[/MP3]

 

ශ්‍රී ලංකාව පිළිබද ඇමරිකානු යෝජනාවට පක්ෂව ඉන්දියාව ඊයේ ඡන්දය ලබා දුන්න ද මේ පිළිබදව පැවැති උණුසුම තවමත් පහව ගොස් නැහැ. තමිල්නාඩු විපක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධි ප්‍රකාශ කළේ ඉන්දීය රජය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්න ද තමිල්නාඩුවේ අරමුණු ඉන් ඉටු නොවූ බවයි. එම යෝජනාවට තමන් ලබාදුන් යෝජනා කිසිවක් ඇතුළත් කිරීමට ඉන්දීය රජය අපොහොසත් වූ බව ද තමිල්නාඩු විපක්ෂ නායකවරයා චෝදනා කළා.

 

මේ අතර , ඉන්දීය පාර්ලිමේන්තුව අද (22) දෙවැනි දිනයටත් කල් තැබුණේ තමිල්නාඩු මන්ත්‍රීවරුන් විරෝධතා පළ කිරීම හේතුවෙන්. ඇමරිකානු යෝජනාවලියට ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි නිර්දේශ ඇතුළත් කිරීමට ඉන්දීය රජය අපොහොසත් වූ බව පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන මස 22 වන දා දක්වා කල් තැබීමටයි මූලාසනයට සිදුවුණේ.  


දකුණු ඉන්දියාවේ ද ස්ථාන කිහිපයක දී අද (22) දිනයේදීත් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා පැවැත්වුණා.තමිල්නාඩුවේ නුන්ගම්පාක්කම් ප්‍රදේශයේ පිහිටි ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරන්ගේ නිවසට ඇතුළුවීමට විශ්වවිද්‍යාල සිසුන් උත්සාහ කර තිබෙනවා. ඒ සඳහා සිසුන් 250කට අධික සංඛ්‍යාවක් එක්වී සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ. කෙසේ වෙතත්, ඉන් 35 දෙනෙකු තමිල්නාඩු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.