විදේශීය බලපෑම්වලට යටත් වන්නේ නැහැ. - ජනපති.

Friday, 22 March 2013 - 18:56

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජාත්‍යන්තරයේ සිටින ඇතැමුන් සහ ඇතැම් විදේශීය මාධ්‍ය ශ්‍රී ලංකාවට කොපමණ බලපෑම් එල්ල කළ ද ඒවාට යටත්වීමට සූදානම් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. රජය විදේශ සබඳතා කළමනාකරණය නොකිරීම නිසා ජිනිවා මානව හිමිකම් සැසි වාරයේ දී  ශ්‍රී ලංකාව පරාජයට පත්වූ බවට ඇතැමුන් නගන චෝදනා අසත්‍ය බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

 

[MP3]s55755_1[/MP3]                                                       

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ, ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට අද (22) එක්වෙමින්. කුරුණෑගල - බෝයගනේ විජයබාහු පාබල කඳවුරේ පැවැති මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා ඇතැම් විදෙස් මාධ්‍ය එල්ල කරන චෝදනාවලට ද ප්‍රතිචාර දක්වා සිටියා.

 

[MP3]s55755_2[/MP3]                                                                

 

මේ අතර, අම්පාර ගුවන් හමුදා කඳවුරේ අලූතින් ඉදිකළ නව ගුවන් පථය සහ රුපියල් මිලියන 1970ක වියදමින් කොළඹ - මඩකලපුව - ඒ 4 මාර්ගයේ පැරණි කල්අඩි පාලම වෙනුවට ඉදිකෙරුණු නව පාලම ද ජනාධිපතිවරයා අතින් අද (22) විවෘත කෙරුණා.