ඉන්දියාවට යන ශ්‍රී ලාංකික සංචාරකයින්ගේ අඩුවක්.

Saturday, 23 March 2013 - 12:42

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.



ශ්‍රී ලාංකිකයන්ට එරෙහි විරෝධතා හේතුවෙන් තමිල්නාඩුවේ සංචාරක කර්මාන්තයට ඍජු බලපෑමක් සිදුවී ඇති බව ඉන්දීය බිස්නස් ස්ටෑන්ඩඞ් පුවත්පත හෙළිදරව් කළා. එමගින් පෙන්වා දෙන්නේ මේ වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි. ඒ බව ඉන්දීය සංචාරක මෙහෙයුම් සම්මේලනය තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ද කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව සියයට 50 කින් පහත දැමීමට තීරණය කළා. තමිල්නාඩුවේ සංචාරයන් සඳහා ලක් රජය විසින් අවදානම් උපදේශයන් ද නිකුත් කරනු ලැබුවා. චෙන්නායි සහ කොළඹ අතර සංචාරක ගමන් පහත වැටීමට එම තත්ත්වය ද බලපා ඇති බවයි ඉන්දීය ව්‍යාපාරික පුවත්පත සඳහන් කළේ. එය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට ද හේතුවිය හැකියි. එමෙන්ම, මේ නිසා, දෙරට අතර වෙළඳ ගනුදෙණු පහත වැටෙනු ඇති බවයි බිස්නස් ස්ටෑන්ඩඞ් පුවත්පත සඳහන් කළේ.