රුපියල් 35,000 කට දරුවෙකු විකිණීමේ තැත වරදී.

Saturday, 23 March 2013 - 12:49

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+35%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.



රුපියල් 35,000 කට දරුවෙකු අලෙවි කිරීමට උත්සාහ කළ මවක්, පුස්සැල්ලාව වගුපිටිය ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. දින 8 ක් වයසැති මෙම පිරිමි දරුවා පසුගියදා මෙලොව එලිය දුටුවේ පුස්සැල්ලාව රෝහලේදීයි. රෝහලේ සිට නිවසට පැමිණි දරුවාගේ මව එම දරුවා විකිණීමට කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. ඒ සඳහා පුස්සැල්ලාව - වගුපිටිය ගම්මානයට යාබද ප්‍රදේශයක පුද්ගලයෙකු ද මැදිහත්වී ඇති අතර පුංචි දරුවා දරුකමට හදාවඩා ගැනීමට මිලදී ගන්නා බවයි ඔහු ඇයට පවසා ඇත්තේ. කෙසේ වෙතත්, මෙම දරු ගණුදෙණුව පිළිබඳව පුස්සැල්ලාව පොලිසියට විශේෂ තොරතුරක් ලැබුණා. අනතුරුව රුපියල් 35,000 කට දරුවා මිලදී ගැනීමට සැකකරු පැමිණි අවස්ථාවේ ඔහු සහ දරුවාගේ මව අත්අඩංගුවට ගත් බවයි පුස්සැල්ලාව පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් අද ගම්පොල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.