උතුරුමැද පාසල් සෙනසුරාදා පැවැත්වීම ගැන ගුරුවරුන්ගේ විරෝධය.

Saturday, 23 March 2013 - 19:06

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

උතුරුමැද පළාතේ පාසල් අද (23) දිනයේ පැවැත්වීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණයක් ගෙන තිබුණද ගුරුවරුන් බොහොමයක් පැමිණ තිබුණේ නැහැ. ඒ හේතුවෙන් අද (23) දිනයේ නියමිතව තිබූ පාසල් වාර විභාග පැවැත්වීමටද දැඩි බාධා එල්ල වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. මෙලෙස ගුරුවරුන් අද දිනයේ සේවය සඳහා වාර්තා කර නොතිබුණේ උතුරුමැද පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් අද සහ ලබන සෙනසුරාදා දින දෙක තුළ පාසල් පැවැත්වීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන ලංකා ගුරු සේවා සංගමයේ සභාපති අරුණ දිසානායක.

[MP3]s55829_1[/MP3]

අද දිනයේ ගුරුවරුන් නොපැමිණීම සහ සෙනසුරාදා දිනවල පාසල් පැවැත්වීමට ගත් තීරණය හේතුවෙන් තම දරුවන් පත්වු අපහසුතාවය පිළිබඳව දරවන්ගේ පියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s55829_2[/MP3]

සෙනසුරාදා දින 03 ක් මෙලෙස පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවයි දෙමව්පියන් සහ ගුරුවරුන් ප්‍රකාශ කළේ. ඒ අතරතුර පාසල් වාර විභාගද පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් දක්වන්නේ මෙවන් අදහසක්.

[MP3]s55829_3[/MP3]

මෙම සියලූ චෝදනා පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍ය පේසල ජයරත්නගෙන් විමසීමක් කළා. නිවාඩු දින දෙකක් වෙනුවෙන් මෙලෙස සෙනසුරාදා දින දෙකක් පමණක් පාසල් පැවැත්වීමට පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.

[MP3]s55829_4[/MP3]