ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව විදේශ අමාත්‍යාංශය පවසනවා. එම යෝජනාවලිය සම්මතවීම තුළ ඒකපාර්ශවීයව බටහිර රටකට ශ්‍රී ලංකාවට කිසිදු අනිසි බලපෑමක් සිදුකළ නොහැකි බවයි හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්යක්ෂ ජනරාල් රොඞ්නි පෙරේරා සඳහන් කළේ.
[MP3]s55832_1[/MP3]
මේ අතර, ඉන්දියාවේ එන්.ඞී.ටී.වී. රූපවාහිනි නාලිකාව වෙත විදේශ අමාත්‍යාංශය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඒ මීට දින කිහිපයකට පෙර එන්.ඞී.ටී.වී නාලිකාව විසින් විකාශය කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන්. මෙම වීඩියෝ පටය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව කොටි හිතවාදීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකළ විරෝධතාවයක් පිළිබඳ රූපරාමු පෙළක් විකාශය කර තිබුණා. එහිදී කොටිහිතවාදීන් විසින් ප්‍රදර්ශනය කළ පුවරුවල කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ය විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක ඡායාරූප ප්‍රදර්ශනය කර තිබූ අතර ඔවුන් මේවා ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකළ අපරාධ බවට දක්වා තිබුණා. කැබිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරුවෙකු සමඟ හඬා වැළපෙන පියෙකුගේ ඡායාරූපයයි ඔවුන් එලෙස දක්වා තිබුණේ. ඒ පිළිබඳව අදහස් දක්වන විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්යක්ෂ ජනරාල් රොඞ්නි පෙරේරා.
[MP3]s55832_2[/MP3]