ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වසා දමන්නැයි ඉදිරිපත් වූ පෙත්සම ඉවතට.

Sunday, 24 March 2013 - 12:55

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ඉන්දියාවේද සහය ඇතිව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වුවද තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී රැල්ල මෙතෙක් අවසන් වී නැහැ. කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂ මගින් මෙහෙයවන මෙම විරෝධතා හේතුවෙන් එහි විද්‍යායතන රැසක්ම වසා දමා තිබෙනවා. ඒවායේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට නේවාසිකාගාර වසා දැමීම හේතුවෙන් නවාතැන් ලබාගැනීම පවා ගැටළුවක් වී ඇති බවයි වාර්තාවන්නේ. මේ පිළිබඳව අප චෙන්නායි හි වැඩබලන ශ්‍රී ලංකානියෝජ්‍ය මහ කොමසාරිස් අමීර් අජ්වාඞ් ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමිල්නාඩුවේ විද්‍යායතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් 40 දෙනෙකු පමණ සිටින බවට වාර්තාවී ඇති බවයි. කෙසේ වෙතත් තමන් පීඩාවන්ට ලක්වන බවට ඔවුන් වෙතින් පැමිණිලි ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළා. එමෙන්ම වසා දමා ඇති ඇතැම් විද්‍යායතන හෙට දිනයේදී විවෘත කෙරෙනු ඇති බවයි වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කියා සිටියේ.

 
[MP3]s55865[/MP3]

 

මේ අතර චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉන් ඉවත් කිරීමේ සැළසුමක් පවතින බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගමගෙන් විමසීමක් කළා. චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය කේරළයේ ත්‍රිවේන්ද්‍රම් වෙත රැගෙන යාමට සැළසුම් කර ඇති බවටයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එහෙත් එවැනි පියවරක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹි නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළා.

 

කෙසේ නමුත් චෙන්නායි හි දී ශ්‍රී ලාංකික ආයතන සහ ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන පීඩාවන් උත්සන්න වුවහොත් ගත යුතු පියවර පිළිබඳව අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡාවක් පැවති බව ඔහු කියා සිටියා. චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

 

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වසා දමන ලෙස මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිශ්චය සභාවට යොමුකර තිබූ පෙත්සමක් ඊයේ ප්‍රතික්ෂේප වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංගණය වන බවටත් මෙරට හින්දු කෝවිල් විනාශ කර ඇති බවටත් චෝදනා කරමින් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ හින්දු ජනතා පක්ෂය නැමති සංවිධානයේ මදුරෙයි ප්‍රධානියා වන සෝලයිකන්නන් නැමැත්තෙක්. අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ ලේකම්වරයා මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ද පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. පෙත්සම නිශ්ප්‍රභා කරමින් විනිසුරුවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කළේ පෙත්සම්කරු විසින්නම් ඔහුගේ ඉල්ලීමට සවන් දිය හැකිව තිබූ බවයි.