කොට්ටාවේ උණුසුම් තත්ත්වයක්.

Sunday, 24 March 2013 - 13:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

හයිලෙවල් මාර්ගයේ, කොට්ටාව ඉන්ධන පිරවුම්හල ආසන්නයේ පිහිටා තිබූ අන්‍යාගමික මධ්‍යස්ථානයක් වසා දමන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන්, සංඝයා වහන්සේලා සමඟ එක්ව සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා. කොට්ටාව පොලිසිය සඳහන් කළේ අද පෙරවරුවේ සංඝයාවහන්සේලා ප්‍රමුඛ ප්‍රදේශවාසීන් එම අන්‍යාගමික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ බවයි. ඉන් අනතුරුව, එම පිරිස අන්‍යාගමික මධ්‍යස්ථානය තුළට ඇතුළුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. පොලිසිය මැදිහත්වෙමින් තත්ත්වය සමනය කිරීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා.