විදේශ අමාත්‍යාංශයට කාලය එළඹිලා. - ලාල්කාන්ත.

Sunday, 24 March 2013 - 18:52

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD.

ජාත්‍යන්තරය විසින් එල්ල කරන අභියෝගවලට බුද්ධියෙන් මුහුණ දිය යුතු කාලය එළඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත පවසනවා. මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යභාරය අවසන් වී ඇති අතර දැන් එළඹ ඇත්තේ විදේශ අමාත්‍යාංශයේ කාර්ය භාරය බවයි ඔහු ප්‍රකාශ කළේ. අද (24) කොළඹ දී පැවැති සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 8 වන සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

[MP3]s55883_1[/MP3]       

ජිනිවා මානව හිමිකම් සමුළුව හමුවේ පරාජයට පත්වූයේ ශ්‍රී ලංකාව නොව ආණ්ඩුව බව බස්නාහිර පළාත් සභා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල පවසනවා. එක්සත් ජාතික පක්ෂය කොළඹ දී අද (24) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර සිටියා.

[MP3]s55883_2[/MP3]

කෙසේ වෙතත්, ජිනිවා නුවර පැවැති මානව හිමිකම් සැසි වාරයේ දී ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබදව විපක්ෂය එල්ල කරන චෝදනාවලට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

[MP3]s55883_3[/MP3]