ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයේ හට ගත් ගින්න පාලනය කෙරේ.

Sunday, 24 March 2013 - 19:07

%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයේ පිහිටි 2 වන තෙල් ටැංකියේ අද (24) පස්වරුවේ හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකියක අද (24) පස්වරුවේ ගින්නක් හට ගත්තා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා කියා සිටියේ පැවැති වර්ෂාපතනයත් සමග බොරතෙල් ගබඩා කර තිබූ අංක දෙක තෙල් ටැංකිය වෙත අකුණක් පතිත වී ඇති බවයි. ඒ සමග ගින්න හට ගත් බව ද ඔහු කියා සිටියා.
 
මෙලෙස ගින්න හටගෙන ඇත්තේ ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයේ පිහිටි 2 වන තෙල් ටැංකියේයි. එහි මේ වන විට බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 42,000 ගබඩා කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සදහන් කළා. මීට අමතරව ඒ ආසන්නයේ එවැනිම ධාරිතාවක් ගබඩා කර ඇති තෙල් ටැංකි 3ක් පිහිටා තිබෙනවා.